සෙල්ලිපිය #1109
1109 [4] (1) බඩකරික-පරුමක-සගහ පුත පරුමක-උතිය විමන-ලෙණෙ
(2) චතු-දිසික සගයෙ නියතෙ
භාණ්ඩාගාරික ප්‍රමුඛ සංඝගේ පුත් වන ප්‍රමුඛ උත්තියගේ විමාන (ලෙස භාවිත කරන ලද) සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
1.
විමාන යනු දෙවි කෙනෙකුගේ පිළිරුවක් හෝ ධර්මචක්‍රය වැනි ආගමික සංකේතයක් සහිත ප්‍රතිමාගෘහයක් විය හැකිය. මෙම සෙල්ලිපිය ඉදිරිපත් කරන කාලයේ දී බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා සහිත ප්‍රතිමාගෘහ ලංකාවේ තිබුනේ ද යන්න සැක සහිත ය.