සෙල්ලිපිය #1010

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1010 [17] (1) ශොබිකන්-අග ක(මි)න මරුමකන නට-චුලහ ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ 

                (2) නට-චුලහ ඣිත නට-දම-(ඣය)ඣ ශමුදය 

නගර ශෝබිනිය කමිනාගේ මුණුපුරු චූල නම් නළුවාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතර්දෙස සංඝයාට [දෙන ලදී]. නළු චූලගේ දියණිය වන නළු ධම්මගේ භාර්යාව වන සමුද්දාගේ. 

1.

මි යන අක්ෂරය ක යන්නට මතුපිටින් ලියා ඇත.එක්කෝ එය මග හැරී ගොස් පසු කාලයකදී එකතු කර ඇත, නැතහොත් ක යන්න වෙනුවට එය යොදා ඇත. එය පසුව සදහන් කළ අයුරින් වී නම්, නාමය මින වන්නට ඇත. කමින යන්න කාමිනී යන්නට සමාන වන්නට ඇත.   

2.

දෙවන පේළිය, පළමු වන පේළියට ඉහළින් ලියා ඇත. එය වෙනත් ශිලා ලේඛනයක් ලෙස ද සැලකිය හැක      

3.

සොභික අග. සොභික යන්න, පාලි සාහිත්‍යයෙහි එන නළගන යන්නට යෙදෙන නගර -සොභිනී යන විශේෂණපදයට සමාන කර ඇත. දායකයාගේ මිත්තණිය පැහැදිලිවම එකල ප්‍රසිද්ධ නාට්‍යාංගනාවක් හෝ නළගනකු වන්නට ඇත.