සෙල්ලිපිය #1231
අමාත්‍ය වහිටිමතගේ ලෙණ.
අමාත්‍ය වහිටිමතගේ ලෙණ.
අභයුත්තරගේ පියගැට.
මතයගේ පුත් වන දෙවයගේ.
උත්තර වැව සහ තිස්ස තෙරුණ්ගේ ගල් තලාවෙහි පිහිටි කුඩා පොකුණ වස්ස හි වාසය කරන්නන්ට පවරා දෙන ලදී ................
උපාසක චූළගේ ලෙණ.
තෙලකටාහ හි ලෙණ. තෙලකටාහ හි ම ............. විසින් මහචුළක කෙතෙහි භූමියෙන් කරීසයක් දෙන ලදී. තෙලකටාහ හි අගබල .............
ප්රමුඛ යසොපාලගේ පුත් වන ප්රමුඛ හදන මෙම වැව දිපිගල්ල-විහාරයේ සංඝයාට පවරා දෙන ලදී.
ප්රමුඛ හදනකගේ පුතුගේ ලෙණ ...........
ඵුස්ස තෙරුණ්ගේ පොහොය ගෙය සංඝයාට පවරා දෙන ලදී.
ප්රමුඛ ගුත්තගේ ලෙණ.
ප්රමුඛ චිත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
[පි]න්ගල මජ්ඣිමගේ පුත් වන කඩගේ ලෙණ.
නගරාරක්ෂකගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].
පුනපිටික වැව හිමි උපාසක විණුගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
පුනපිටික වැව හිමි උපාසක විණුගේ ලෙණ.
අභය රජු වඩ්ඪමානගාමහි බද්ද මහා විහාරයට දෙන ලදී. සහ වැව.
බකිනෙය මතයගේ ලෙණ සංඝයාට දෙන ලදී. අබ ඇළෙහි අමුණට අයත් භූමියෙන් කරීස භාගයක් එනම්, පඩුවසගොඩහි පණත සහ යසිස ප්‍රදේශයේ අවුලද [නම්] කුඹුර.
වෛද්‍ය මිත්තගේ පුත් වන උපාසක මටිග භූතිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
යහපතක් වේවා ! පුනදගමහි උපාසක සොඩකළගේ ලෙණ.